TAP Essentials offer authors the opportunity to publish short, incisive and original research on issues that are important for society. Interdisciplinary in nature, these writings should combine theoretical ideas with empirically oriented research on Sri Lanka or its connected regions. All publications in the series are peer-reviewed, and the criteria used to select a manuscript are the same as our standards for full-length manuscripts. With a swifter production time (6 months), this concise model gives authors the chance to publish time-sensitive research, open a forum for debate, and make their impact quickly.

We welcome contributions of 40,000 to 50,000 words that will bring novel perspectives to a wide range of readers.

Please write to us via email with a one page concept note, if you have an idea for the series: info@tambapannipublishers.lk

තම්බපන්ණි සාරාර්ථ කෘති මාලාව මගින් අදහස් කරනුයේ  අප සමාජයේ අනාගතය සම්න්ධයෙන් වැදගත්වන වාද විෂයන් පිළිබඳ කෙටි හා විචාරපූර්වක පර්යේෂණ පළකිරීමට අපගේ කතුවරුන්ට අවකාශ ලබාදීමය. මේ යටතේ ප්‍රකාශයට පත්කරන දෑ මූලික වශයෙන් අන්තර්-ශික්ෂණීය රචනා විය යුතු අතර, ඒවා න්‍යායික කරුණු හා ශ්‍රී ලංකාව හෝ සම්බන්ධිත කලාප පිළිබඳව කරන ලද ආනුභවික පර්යේෂණ මත පදනම් විය යුතුය. මේ කෘති මාලාව අන් සියලුම තම්බන්ණි කෘති මෙන් පළකිරිමට තෝරා ගන්නේ, විධිමත් විමර්ශනයකින් පසුවය. එමෙන්ම, අත්පිටපතක් ප්‍රකාශනය සඳහා තෝරාගන්නට පදනම්වන කොන්දේසි අපගේ වඩාත් දීර්ඝ කෘති සඳහා බලපාන කොන්දේසිම වේ. මේ මාලාව වඩාත් වේගවත් නිෂ්පාදන ක්‍රියාවලියක් (මාස 6ක්) අනුගමනය කරන නිසා, එමගින්  ලේඛකයින්ට කාලය හා සමීපව බැඳී ඇති අදහස් හා පර්යේෂණ සමාජගතකිරීමට අවකාශ ලබා දෙනවා මෙන්ම, ඒ ඔස්සේ කතිකාවට හා විවාදයට අවකාශ විවර කිරීමට හා වඩාත් වේගයෙන් යම් බලපෑමක් කිරීමට හැකියාව ලබා දෙයි.

වඩාත් පුලුල් පාඨක ප්‍රජාවකට උනන්දුව ඇති නව පර්යාවලෝක හා තේමා ඔස්සේ වචන 40, 000 සිට 50, 000 දක්වා වූ අත්පිටපත් මේ කෘති මාලාව ඔස්සේ අපට ඉදිරිපත්කළ හැක.

මේ කෘති මාලාව යටතේ කෘතියක් පළකිරීමට ඔබට අදහසක් තිබේ නම්, ඒ පිළිබඳ පිටුවකට නොවැඩි පැහැදිලි සටහනක් අප වෙක විද්‍යුත් තැපෑල මගින් එවන්න: info@tambapannipublishers.lk