2011 දී මුලින්ම පලකරන ලද ‘ආගමෙන් ඔබ්බට: සමස්ථ ලොවටම පොදු ආචාරධර්ම පද්දතියක්’ යන කෘතිය අති උත්තම දලයි ළමා තුමා විසින් රචිත ‘Beyond Religion: Ethics for a Whole World’ යන සුප්‍රසිද්ධ කෘතියේ සිංහල පරිවර්තනයයි.
එමගින් උන්වහන්සේ උත්සාහ කර ඇත්තේ, තමන් සුපැහැදිලිවම බෞද්ධ ආගමික නායකයෙකු වුවද, සියළුම ආගම් වලින් ඔබ්බට ගොස්, සමස්ත මානව වර්ගයා ම එකම කණ්ඩායමක් ලෙස සලකා කටයුතු කිරීමට ආගම හා සම්බන්ධ නැති, එනමුත් ලොව ඇති කිසිම ආගමකට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක නොවෙන ආචාර ධර්ම පද්ධතියක් සකස් කර ගැනීමට අවකාශ විවර කර ගැනීමයි.
එහිදී උන්වහන්සේ භාවිත කරන ප්‍රවේශය වන්නේ, ජීව විද්‍යාත්මක හා විශ්වීය සංස්කෘතික අගයන් පැහැදිලි කර, ඒවා මගින් මානවයාගේ ඒකීයත්වය විස්තර කර, එම ඒකාග්‍රතාවය මත පදනම්ව මානව වර්ගයාගේ විනාශකාරී ක්‍රියාකාරීත්වයෙන් ඔවුන්ව මෑත් කර ගැනීම සඳහා විශ්වීය ආචාරධ ධර්ම පද්ධතියක් යෝජනා කිරීමය.
උන්වහන්සේගේ තර්කය වන්නේ, එවන් ආචාර ධර්ම පද්ධතියක කොටස්කරුවෙකු වීමේදී සහ ඒ අනුව ක්‍රියාත්මක වීමේදී ලොව කිසිම ආගමික හෝ දේශපාලන තන්ත්‍රයකට ඊට විරුද්ධ වීමට හේතුවක් නොමැති බවයි.
මෙය පරිවර්තනය කර ඇත්තේ ඉන්දියාවේ ධර්මශාලා හි පිහිටි දලයි ළමා තුමාගේ කාර්යාලයේ නිල අවසරය මත මහාචාර්ය සසංක පෙරේරා විසිනි.