Future Publications

බුදුන්වහන්සේගේ සිට ක්‍රිෂ්ණා දෙවිඳුන් කරා ජෝර්ජ් කීට්ගේ ජීවිතය හා යුගය

යශෝධරා  දල්මියා
(පරිවර්තනය:  අවන්ති උපේක්ෂා කලංසූරිය, හිර්න්‍යදා දේවසිරි, ඵූසතී ලියනාරච්චි,  අනුශ්කා කහඳගම සහ සසංක පෙරේරා.

ඉන්දීය කලා ඉතිහාසඥවරියක වන යශෝධරා දල්මියා විසින් ලියන ලද මේ කෘතිය සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකේය චිත්‍ර ශිල්පී ජෝර්ජ් කීට් පිළිබඳව ලියැවී ඇති විස්තරාත්මක ම කෘතිය ව්වේ. එමගින් දකුණු ආසියා කලාපයේ චිත්‍ර  භාවිතය තුළ නූතනවාදයේ බිහිවීම ගවේෂණය කරන්නේ ජෝර්ජ් කීට් ගේ චිත්‍ර හරහා ය. එමඟින් ඔහු ජීවත් වූ කාලය, ශ්‍ර්‍රී ලංකාවේ නිදහස් අරගලයේ දේශපාලනය, කීට් ගේ චිත්‍ර කලාව ඔහුගේ ජීවිතය හා සමීපව බැඳී තිබුණු ආකාරය යනාදී කරුණු කතුවරිය විසින් විස්තරාත්මකව ගවේෂණය කරයි.  ඒත් සඳහා ඇය ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ එංගලන්තයේ පුළුල් පර්යේෂණ ක්‍රියාවලියක වසර ගණනාවක් තුළ නියැලී සිටියාය.

මේ කෘතිය මුලින්ම පළ කළේ එංගලන්තයේ  රෞට්ලෙජ් ප්‍රකාශන සමාගම විසින් ‍2017 දීය. එය ශ්‍රී ලංකාවේ බෙදා බෙදාහැරීම සඳහා සිංහලට පරිවර්තනය කර ඇත්තේ ටේලර් හා ෆ්‍රන්සිස් ප්‍රකාශන සමාගමේ අනුමැතිය ඇතිවය. සිංහල පරිවර්තනය  2021 දී ප්‍රකාශයට පත්වේ.

 

කතුවර තොරතුරු

යශෝධරා  දල්මියා දැනට ඉන්දියාවේ සිටින ජ්‍යෙෂ්ඨතම කලා ඉතිහාසයඥවරියක් වේ.  ඇය දශක තුනකට වැඩි කාලයක් මුළුල්ලේ ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ කලාව පිළිබඳ රචනා ගණනාවක් කර ඇත.  මේවා අතර ඉන්දියාවේ හා පාකිස්ථානයේ කලාකරුවන්ගේ ජීවිතය පිළිබඳ ලියන ලද කෘති කිහිපයක් ද වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our deepest sympathies

The Board of Directors of Tambapanni Academic Publishers is deeply saddened by the tragic loss of life of Dr. Janaki Jayawardena Senior Lecturer University of Colombo Dept. of History. Janaki was a brilliant scholar and exemplary human being. She was our friend and will be deeply missed. TAP remains committed to publish her scholarly work.